සුදුසුකම්
- ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු විය යුතුය.
- පත්වීමට පෙර අත්‍යාසන්න වසර 02 තුළ අදාළ බලප්‍රදේශයේ නිත්‍ය පදිංචිකරුවෙකු විය යුතුය.
- වයස අවුරුදු 30 ට නොඅඩු සහ අවුරුදු 55 ට නොවැඩි විය යුතුය.
- සාමාන්‍ය සම්මාන තුනක් සහිතව අ.පො.ස. (උසස් පෙළ) සමත්ව තිබිය යුතුය. (ජීව විද්‍යා අංශයෙන් සමත්වූවන් සඳහා වැඩි ප්‍රමුඛතාවක් ලබා දෙනු ලැබේ.
- යහපත් මානසික හා ශාරීරික තත්ත්වයන් සහිත විශිෂ්ඨ චරිතයකින් හෙබි අය විය යුතුය.
අයදුම්පත්‍ර ඉදිරිපත් කිරීමේ පටිපාටිය
- හදිසි මරණ පරීක්ෂක ඇබෑර්තු පිරවීම පිණිස අයදුම්පත්‍ර කැඳවන රජයේ ගැසට් පත්‍රයේ දක්වා ඇති අවසන් දින හෝ ඊට පෙර අයදුම්පත්‍ර එවිය යුතුය.
- රජයේ ගැසට් පත්‍රයේ පළකොට ඇති හෝ අධිකරණ අමාත්‍යාංශයෙන් ලබා ගන්නා ආකෘති පත්‍රය අනුව අයදුම්පත් ඉදිරිපත් කළ යුතුය.
- සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍ර ලේකම්, අධිකරණ අමාත්‍යාංශය, කොළඹ 12 යන ලිපිනයට ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් එවීමට හෝ අධිකරණ අමාත්‍යාංශයේ පිළිගැනීමේ කවුළුවට හෝ සමාදාන විනිහ්චයකාර ඒකකයට ගෙනැවිත් භාර දිය හැක.
චක්‍රලේඛ
නව ස්ථාවර කාර්ය සංග්‍රහය අනුව හදිසි මරණ පරීක්ෂකවරුන් අන්තර්ග්‍රහණය කිරීම
අවසාන දිනය 2023-05-21 දක්වා දීර්ඝ කර ඇති අතර කිසිම හේතුවක් මත මෙම දිනය නැවත වෙනස් නොවේ..
