ශ්‍රි ලංකාව වෙනුවෙන් සහ එහි ජිවත්වන සියලුම ජනතාව වෙනුවෙන් යුක්තිය හා සාධාරණත්වය ඉෂ්ඨ කිරිම සඳහා ඵලදායි ලෙස ප්‍රතිචාර දැක්විමේ ක්‍රියාවලියේ ප්‍රමුඛතම රාජ්‍ය ආයතනය ලෙස කටයුතු කිරිම.
ශ්‍රි ලංකාවේ අපේක්ෂාවන් සපුරාලීම උදෙසා, ගෞරවනීයවත්, අභිමානවත් ලෙසත්, අවංක ලෙසත් කටයුතු කිරිම සහ අපගේ උපරිමයෙන් ශ්‍රි ලාංකික ජනතාවට සේවය කිරිම.
සාමාජීය සහ ආර්ථික සෞභාග්‍යය, සම අවස්ථාවන් සහ මානව දයාව දිරිගැන්විමේ ප්‍රයත්නයේ දී ශ්‍රි ලාංකීය ජනතාව උදෙසා සාධාරණත්වය, ආරක්ෂාව සහ ස්වාධීනත්වය තහවුරු කරනු වස්, අපක්ෂපාතීව සහ සාධාරණ ලෙස ශ්‍රි ලංකාවේ නීතින් ක්‍රියාත්මක කිරිමට නිතිපති දෙපාර්තමේන්තුව ප්‍රයත්න දරනු ඇත.
අරමුණ
- ශ්‍රි ලංකා රජය සහ රජයේ ආයතන, සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල සඳහා අවශ්‍ය සියලු නෛතික සේවාවන් සහ නීති උපදෙස් නොපමාව සැපයීම සහ රජයේ පුළුල් අරමුණු ව්‍යාප්ත කිරීමේ ක්‍රියාවලියේ දි සුවිශේෂි මෙහෙවරක් ඉටු කිරිම.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය වෙනුවෙන් පෙනී සිටින ප්‍රධාන නීති නිලධාරියා නීතිපතිවරයා වන අතර දෙපාර්තමේන්තු ප්‍රධානියා හා ගණන් දීමේ නිලධාරියා වශයෙන් නීතිපති තුමා කටයුතු කරයි. “ඒ” ශ්‍රේණියේ දෙපාර්තමේන්තුවක් වන නීතිපති දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අංක 1933/13, 2015.09.21 දරණ ගැසට් පත්‍රය අනුව අධිකරණ අමාත්‍යංශය භාරයේ පවතී.
නීතිපති දෙපාර්තමේන්තුව, මධ්‍යම රජයට, පළාත් සභාවලටරජයේ දෙපාර්තමේන්තුවලට, ව්‍යවස්ථාපිත මණ්ඩල හා අනිකුත් අර්ධ රාජ්‍ය ආයතනවලට නීතිමය සහය ලබාදෙයි. එකී සහය ලබාදීමේදී දෙපාර්තමේන්තුවේ නීති නිලධාරීන් විසින් ප්‍රධාන වශයෙන් සිවිල්, අපරාධ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සහ වාණිජ යන කාරණා සම්බන්ධයෙන් රජයට සහ රජයට අයත් ආයතන වලට උපදෙස් දීමත්, දිවයිනේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අනෙකුත් අධිකරණ වල හා කම්කරු විනිශ්චය සභාවල පවරා ඇති නඩු වලදී රජය සහ රාජ්‍ය ආයතන නියෝජනය කිරීමත් සිදු කරනු ලැබේ.
නීතිපති දෙපාර්තමේන්තුව, මධ්‍යම රජයට, පළාත් සභාවලටරජයේ දෙපාර්තමේන්තුවලට, ව්‍යවස්ථාපිත මණ්ඩල හා අනිකුත් අර්ධ රාජ්‍ය ආයතනවලට නීතිමය සහය ලබාදෙයි. එකී සහය ලබාදීමේදී දෙපාර්තමේන්තුවේ නීති නිලධාරීන් විසින් ප්‍රධාන වශයෙන් සිවිල්, අපරාධ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සහ වාණිජ යන කාරණා සම්බන්ධයෙන් රජයට සහ රජයට අයත් ආයතන වලට උපදෙස් දීමත්, දිවයිනේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අනෙකුත් අධිකරණ වල හා කම්කරු විනිශ්චය සභාවල පවරා ඇති නඩු වලදී රජය සහ රාජ්‍ය ආයතන නියෝජනය කිරීමත් සිදු කරනු ලැබේ.
නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්ය භාරය
- නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්ය භාරය පහත පරිදි සංක්ෂිප්තව දැක්විය හැක.
- සිවිල්, අපරාධ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා, වාණිජ යන කාරණා, ජාත්‍යන්තර නීති කටයුතු සහ එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසමට අදාල කාරණා සම්බන්ධයෙන් රජයට සහ රජයට අයත් ආයතනවලට උපදෙස් දීම.
- දිවයිනේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අනිකුත් අධිකරණවල හා කම්කරු විනිශ්චය සභාවල පවරා ඇති නඩුවලදී රජය සහ රාජ්‍ය ආයතන නියෝජනය කිරීම.
- නව නිති සම්මත කිරීමේදි හා පවතින නිති සංශෝධනය කිරීමේදි අවශ්‍ය නෛතික උපදෙස් ලබාදීම.
ඉහත කාර්යයන් ඉටු කිරීමේදී, දෙපාර්තමේන්තුවේ පහත දක්වා ඇති අංශ නීති කාර්ය මණ්ඩලයට සහාය වෙයි:-
- අපරාධ නඩු අංශය
- සිවිල් අංශය
- රාජ්‍ය නීතිඥ අංශය
- ශ්‍රේෂ්ඨාධිකරණ ඒකකය
- සංස්ථා අංශය
තවද දෙපාර්තමේන්තුවේ කටයුතු කාර්යක්ෂමව හා ඵලදායි ලෙස ක්‍රියාත්මක කිරීමට විශේෂ වශයෙන් හඳුනාගත් වගකීම් පවරා ඇති විශේෂ ඒකක ද ක්‍රියාත්මකවේ.
එම ඒකක වන්නේ,
- මහජන පෙත්සම් ඒකකය (මහජන පෙත්සම් සම්බන්ධයෙන් කටයුතු කරන්නේ මෙම අංශයයි)
- ළමා අපචාර නඩු ඒකකය (ළමුන් අපචාරවලට ලක් කිරීමට අදාල නඩු පිළිබඳ ක්‍රියාකිරීම පිණිස පිහිටුවා ඇත)
- ඊඊආර් ඒකකය (හදිසි අවස්ථා නියෝග සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පවරන නඩු සම්බන්ධව කටයුතු කරයි)
- ආගමන සහ විගමන ඒකකය (ආගමන හා විගමන පනත යටතේ පවරන නඩු සම්බන්ධව කටයුතු කරයි)
නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉටුවිය යුතු ප්‍රධාන කාර්යයන් ඉටු කිරීම සඳහා ඉහත කී අංශ සහ ඒකක කටයුතු කරනු ලබන අතර, නීතිපති දෙපාර්තමේන්තුවේ පරිපාලන කටයුතු මෙහෙයවීම සඳහා ආයතන අංශය හා ගිණුම් අංශය ස්ථාපිත කර ඇත.
තැ.පෙ. 502, අලුත්කඩේ,
කොළඹ 12,
ශ්‍රී ලංකාව.
+94 112 147 888
+94 112 436 421
නීතිපති දෙපාර්තමේන්තුව වෙබ් අඩවියට පිවිසෙන්න
