දිවුරුම් දුන් භාෂා පරිවර්තක - දේශීය භාෂා
සුදුසුකම්
- අධිකරණ අමාත්‍යාංශය විසින් පවත්වනු ලබන ලිඛිත පරීක්ෂණයෙන් සමත් වීම.
අයදුම්පත්‍ර ඉදිරිපත් කිරීමේ පරිපාටිය
- අයදුම්පත් ඉදිරිපත් කිරීම මාර්ගගත ක්‍රමයට පමණක් සිදුකළ යුතු අතර ඊට අදාල දිගුව (Link) තොරතුරු අවසානයේ දැක්වේ.
- අයදුම්පත නිවැරදිව සම්පුර්ණ කළ යුතු අතර ඉදිරි දැනුවත් කිරීම් සඳහා ඔබගේ විද්‍යුත් තැපැල් (E-Mail) ලිපිනය හා දුරකථන අංකය නිවැරදිව ඇතුළත් කළ යුතුය.
- විභාග ගාස්තු ගෙවීම් සම්බන්ධ ලදුපතේ මුල් පිටපත නිවැරදිව උඩුගත (Upload) කළ යුතුය.
- ප්‍රශ්න පත්‍ර පහත පරිදි සකස් වන අතර එක් ප්‍රශ්න පත්රයකට වඩා මුහුණ දීමට බලාපොරොත්තු වන අයදුම්කරුවන් අදාළ පරිදි මුදල් ගෙවා අයදුම් කළ යුතුය.
සිංහල/ඉංග්‍රීසි
සිංහල/දෙමළ
දෙමළ /ඉංග්‍රීසි
- වර්ෂය මුළුල්ලේ අයදුම්පත් භාර ගැනෙන අතර අගෝස්තු මස 31 දින හෝ ඊට පෙර යොමු කර ඇති අයදුම්පත් සඳහා එම වසරේදී විභාගය පැවැත්වේ.
- විභාගය පවත්වනු ලබන දිනයට පෙර විභාග ප්‍රවේශ පත්‍ර අධිකරණ අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය.
විභාග ගාස්තු
- දේශීය භාෂා සඳහා විභාග ගාස්තු පහත පරිදි වේ.
සිංහල/ඉංග්‍රීසි - රු. 1000.00
සිංහල/දෙමළ - රු. 1000.00
දෙමළ /ඉංග්‍රීසි - රු. 1000.00
- විභාග ගාස්තුව ලේකම්, අධිකරණ අමාත්‍යාංශය නමින් මහජන බැංකුවේ නගර මධ්‍ය ශාඛාවේ පවත්නා 176 – 1 – 001 – 9 – 9025184 ගිණුම් අංකයට බැර කොට එම ලදුපතේ මුල් පිටපත නිවැරදිව උඩුගත (Upload) කළ යුතුය.
තෝරාගැනීම සහ පත්කිරීම සඳහා වූ ක්‍රියාපටිපාටිය
- ඉහත විභාගය සමත් අපේක්ෂකයින් තමා පදිංචි ප්‍රදේශයෙහි දිසා අධිකරණ විනිසුරුවරයා ඉදිරියේ දිවුරුම් දීමෙන් අනතුරුව දිවුරුම් දුන් භාෂා පරිවර්තකයින් ලෙස පත්කරනු ලැබේ.
- දිවුරුම් දුන් භාෂා පරිවර්තකයින් ලෙස පත්වීම් ලැබීමට සුදුසුකම්ල ත් අපේක්ෂකයින්ගේ නාම ලේඛනය සියළු දිසා විනිසුරුවරුන් වෙත අධිකරණ අමාත්‍යාංශයේ තොරතුරු ද්වාරය (Information Portal) මගින්යො මු කෙරේ.
- සුදුසුකම්ලත් සෑම අපේක්ෂකයෙකුම සිය අනන්‍යතාවය තහවුරු කර අමාත්‍යාංශ වෙබ් අඩවියෙන් තම පත්වීමට අදාළ නිර්දේශ ලිපිය බාගත කර ගත යුතු අතර දිසා විනිසුරුවරයා ඉදිරියේ දිවුරුම් දීම සඳහා දිසා අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා වෙතින් දිනයක් ලබා ගතයුතුය.
- දිසා අධිකරණයේ දිවුරුම් දුන් සෑම භාෂා පරිවර්තකයෙකුම, දිවුරුම් දීමෙන් පසු වහාම දිවුරුම හෝ සහතිකය සමඟ පත්වීම් ලිපියේ සහතික කළ පිටපතක් අධිකරණ අමාත්‍යාංශය වෙත යොමු කළ යුතුය.
මාර්ගගතව අයදුම් කරන්න
දිවුරුම් දුන් භාෂා පරිවර්තක - විදේශ භාෂා
සුදුසුකම්
- අධිකරණ අමාත්‍යාංශය විසින් පවත්වනු ලබන ලිඛිත පරීක්ෂණයක් හෝ සුදුසුකම් පරීක්ෂාවකින් සමත් වීම.
අයදුම්පත්‍ර ඉදිරිපත් කිරීමේ පරිපාටිය
- අයදුම්පත් ඉදිරිපත් කිරීම මාර්ගගත ක්‍රමයට පමණක් සිදුකළ යුතුය.
- ගූගල් පෝරමය (Google Form) නිවැරදිව සම්පුර්ණ කළ යුතු අතර ඉදිරි දැනුවත් කිරීම් සඳහා ඔබගේ විද්‍යුත් තැපැල් (E-Mail) ලිපිනය හා දුරකථන අංකය නිවැරදිව ඇතුළත් කළ යුතුය.
- ගූගල් පෝරමය (Google Form) නිවැරදිව සම්පුර්ණ කළ යුතු අතර ඉදිරි දැනුවත් කිරීම් සඳහා ඔබගේ විද්‍යුත් තැපැල් (E-Mail) ලිපිනය හා දුරකථන අංකය නිවැරදිව ඇතුළත් කළ යුතුය.
- වර්ෂය මුළුල්ලේ අයදුම්පත් භාර ගැනෙන අතර අගෝස්තු මස 31 දින හෝ ඊට පෙර යොමු කර ඇති අයදුම්පත් සඳහා සැප්තැම්බර් මාසයේදී විභාගය පැවැත්වේ.
- විභාගය පවත්වනු ලබන දිනයට පෙර විභාග ප්‍රවේශ පත්‍ර අධිකරණ අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය./li>
විභාග ගාස්තු
- විභාග ගාස්තු සම්බන්ධව ඔබගේ විද්‍යුත් තැපැල් (E-Mail) ලිපිනය හරහා පමණක් දැනුම් දෙනු ලැබේ.
තෝරාගැනීම සහ පත්කිරීම සඳහා වූ ක්‍රියාපටිපාටිය
- ඉහත විභාගය සමත් අපේක්ෂකයින් තමා පදිංචි ප්‍රදේශයෙහි දිසා අධිකරණ විනිසුරුවරයා ඉදිරියේ දිවුරුම් දීමෙන් අනතුරුව දිවුරුම් දුන් භාෂා පරිවර්තකයින් ලෙස පත්කරනු ලැබේ.
- සුදුසුකම් ලැබූ අපේක්ෂකයින් පත්වීම් ලැබීමට සුදුසුකම් ලබන බවට නිර්දේශ ඇතුළත් ලිපි එකී අපේක්ෂකයන් පදිංචි ප්‍රදේශයන් හී දිසා අධිකරණ විනිසුරුවරු වෙත යොමුකරන අතර එහි පිටපතක් අපේක්ෂකයා වෙතද යොමු කෙරේ.
- එම පත්වීම් ලිපිය ලැබීමෙන් පසු, සුදුසුකම්ලත් සෑම අපේක්ෂකයෙකුම දිසා විනිසුරුවරයා ඉදිරියේ දිවුරුම් දීමට දිසා අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා වෙතින් දිනයක් ලබා ගත යුතුය.
- දිසා අධිකරණයේ දිවුරුම් දුන් සෑම භාෂා පරිවර්තකයෙකුම, දිවුරුම් දීමෙන් හෝ සහතික කිරීමෙන් පසු වහාම දිවුරුම හෝ සහතිකය සමඟ පත්වීම් ලිපියේ සහතික කළ පිටපතක් අධිකරණ අමාත්‍යාංශය වෙත යොමු කළ යුතුය.
මාර්ගගතව අයදුම් කරන්න
පසුගිය ප්‍රශ්න පත්‍ර
දිවුරුම් දුන් භාෂා පරිවර්තක - දේශීය භාෂා විභාගය (2025)
දිවුරුම් දුන් භාෂා පරිවර්තක දේශීය භාෂා විභාගය සඳහා සුදුසුකම් ලද අයදුම් කරුවන්ගේ ලේඛනය පහත දැක්වේ.
ඒ අනුව 2025.08.31 දින හෝ එදිනට පෙර අදාල විභාග ගාස්තු ගෙවන ලද අයදුම්කරුවන් පමණක් 2025 වර්ෂයේ පැවැත්වීමට නියමිත විභාගය සඳහා සුදුසුකම් ලබයි.2025.08.31 දින හෝ එදිනට පෙර නියමිත විභාග ගාස්තු ගෙවීම් කර තාක්ෂණික දෝෂ හේතුවෙන් අයදුම් කිරීමට නොහැකි වූ අපේක්ෂකයන් පහත ලේඛණ හා තොරතුරු 2025.10.10 දිනට පෙර
Required Documents
- මුදල් ගෙවන ලද බිල් පතෙහි පැහැදිලි ඡායා රූපයක් (Photo) හෝ ඡායා පිටපතක් (Scan Copy)
Required Information
- සම්පුර්ණ නම (මයා, මිය, හිමි, වෙනත්)
- හැඳුනුම්පත් අංකය
- ලිපිනය
- ඇතුළත් වීමේ අංකය
- දිස්ත්‍රික්කය (ස්ථිර පදිංචිය අනුව)
- දිසා අධිකරණය (ස්ථිර පදිංචිය අනුව)
- භාෂා කාණ්ඩය
- දුරකථන අංකය
- ඊමේල් ලිපිනය
සැල. යු :- දිස්ත්‍රික්කය හා දිසා අධිකරණය අයදුම්කරුගේ ස්ථිර ලිපිනය අනුව සඳහන් කළ යුතුය
තවද සුදුසුකම් ලත් අයදුම්කරුවන්ගේ ලේඛනයෙහි සඳහන් තොරතුරුවල වෙනස් කම් සිදුවිය යුතු නම් ඒ බව 2025.10.10 දිනට පෙර
විභාගය පැවැත්වීම සම්බන්ධ ඉදිරි පියවර අධිකරණ අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය (www.moj.gov.lk) මඟින් හා ඔබ විසින් ඉදිරිපත් කර ඇති විද්‍යුත් තැපැල් ලිපිනය මගින් ඉදිරියේදී දැනුවත් කරනු ඇත.
දිවුරුම් දුන් භාෂා පරිවර්තක - දේශීය භාෂා විභාගය (2024)
| භාෂාව | කඩඉම් ලකුණු |
| සිංහල/ඉංග්‍රීසි | 45 |
| සිංහල/දෙමළ | 42 |
| දෙමළ/ඉංග්‍රීසි | 44 |
ප්‍රතිඵල බලන්න
නැවත සමීක්ෂණ විභාග ප්‍රතිඵල
දිවුරුම් දුන් භාෂා පරිවර්තක දේශීය භාෂා විභාගයේ නැවත පරීක්ෂා කරන ලද ප්‍රතිඵල පහත දිගුව තුළින් ලබා ගත හැකිය
නිර්දේශ ලිපි
සාර්ථක අපේක්ෂකයින් අනුගමනය කළ යුතු පියවර:
- ඔබගේ නිර්දේශ ලිපිය වෙත පිවිසෙන්න
- සබැඳියට පිවිසෙන්න: මෙහි ක්ලික් කරන්න
- ඔබගේ නිර්දේශ ලිපිය බාගන්න
- ඔබේ දිවුරුම උපලේඛනගත කරන්න.
- දිස්ත්‍රික් උසාවියේ රෙජිස්ට්‍රාර් අමතන්න
- දිස්ත්‍රික් විනිසුරුවරයා ඉදිරියේ දිවුරුම් දීමට දිනයක් ලබා ගන්න.
- ඔබේ ලියාපදිංචිය සම්පූර්ණ කරන්න
අවශ්‍ය ලියකියවිලි
-පත්වීම් ලිපියේ සහතික කළ පිටපතක්
- දිවුරුමේ / සහතිකයේ පිටපතක්
අවශ්‍ය තොරතුරු
- සම්පූර්ණ නම
- ලිපිනය
- ඇතුළත් වීමේ අංකය
- හැඳුනුම්පත් අංකය
- සම්බන්ධතා අංක දෙකක්
මෙම ක්‍රියාවලිය මඟින් අලුතින් සුදුසුකම් ලත් පරිවර්තකයින් අධිකරණ අමාත්‍යාංශයේ නිසි ලෙස ලියාපදිංචි වී ඇති බවත්, ශ්‍රී ලංකාවේ දිවුරුම් දුන් පරිවර්තකයින් ලෙස නීත්‍යානුකූලව සේවය කළ හැකි බවත් සහතික කෙරේ. ඔබේ ලියාපදිංචියේ ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා දිවුරුමෙන් පසු සියලු පියවර වහාම සම්පූර්ණ කිරීමට වග බලා ගන්න.
දිවුරුම් දුන් භාෂා පරිවර්තක (2023)
දිවුරුම් දුන් පරිවර්තක විභාගය – 2023 (විදේශ භාෂා) ප්‍රතිඵල - සමත් ලකුණු 50 යි
දිවුරුම් දුන් පරිවර්තක විභාග ප්‍රතිඵල 2023 (දේශීය භාෂා)
සිංහල/ඉංග්‍රීසි(සමත් ලකුණු 26)
සිංහල/දෙමළ(සමත් ලකුණු 31)
දෙමළ/ඉංග්‍රීසි(සමත් ලකුණු 32)
නැවත - නිවැරදි කිරීම
ලියාපදිංචි අංක
දිවුරුම් දුන් භාෂා පරිවර්තක නාමාවලිය යාවත්කාලීන කිරීම හා අදාළ නිල මුද්‍රාව සකස් කිරීමට අදාළ උපදෙස්
- දිවුරුම් දුන් භාෂා පරිවර්තක විභාග සමත් වු ඔබ අදාළ බල ප්‍රදේශයේ දිසා අධිකරණයේ දිවුරුම් දී, ඒ පිළිබඳව අප අමාත්‍යාංශය දැනුවත් වු පසු, අමාත්‍යාංශයේ දිවුරුම් දුන් භාෂා පරිවර්තක නාමාවලියට ඔබගේ නම ඇතුළත් වේ.
- එමෙන්ම‚ ඔබ විසින් ඉදිරියේදී පරිවර්තනය කරනු ලබන ලිපි ලේඛන සහතික කිරීමට අවශ්‍ය නිල මුද්‍රාව සැකසීමේදී පහත කරුණු සැළකිය යුතුය.
- ඒ අනුව ඔබගේ නිල මුද්‍රාවේ,
(i) නම,
(ii) තනතුර,
(iii) ලියාපදිංචි අංකය,
(iv) දිවුරුම් දුන් භාෂාවන්,
(v) ලිපිනය හා,
(vi) දුරකථන අංකය/ අංක ඇතුළත් කළ යුතුය. - තවද, දිවුරුම් දුන් සෑම පරිවර්තකයෙකුගේම අත්සන පහත දක්වා ඇති පෝරමයෙන් අමාත්‍යාංශයට යැවිය යුතුය.)
