Accessibility Tools

moj logo

Open menu

නීති ආධාර කොමිෂන් සභාව 1978 අංක 27 දරණ නීති ආධාර පනත මගින් ස්ථාපිත කරන ලදි. දරිද්‍රතාව නිසා යුක්තියේ පිළිසරණ ලබා ගැනිමට නොහැකි වු ශ්‍රී ලංකාවේ දුගි ජන කොටස් සඳහා නීති ආධාර සැපයීම මෙහි ප්‍රධාන අරමුණ වේ. අඩු ආදායම්ලාභී ජනතාවට නොමිලේ නීතිඥ සහාය ලබාදීම, සමස්ත සමාජයම නීතිය පිළිබඳව දැනුවත් කිරීම, නව නීති සම්පාදනයේදී හා නෛතික නීති ප්‍රතිසංස්කරණවලදී රජයට උපදේශන කාර්යයේ නිරතවීම යනාදිය මෙහි මුලික කාර්යභාරයන් වේ.

නීති අංශය:

  • යුක්තියේ පිළිසරණ ලබා ගැනිමට හැකියාවක් නොමැති තැනැත්තන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටිම.
  • ඕනෑම කෙනෙකුට නොමිලේ නීති උපදෙස් ලබාදීම.
  • නව නීති සම්පාදනයේදී හා නීති ප්‍රතිසංස්කරණවලදී රජයට උපදේශණ කාර්යයේ නිරතවීම.

සෘජුව ප්‍රධාන කාර්යාලය යටතේ ක්‍රියාත්මක කොළඹ නීති ආධාර මධ්‍යස්ථානය ඇතුළුව නීති ආධාර කාර්යාල 77 ක් වේ. අධිකරණමය නීති කෘත්‍යයන් සදහා ප්‍රාදේශීය ග්‍රාම නිලධාරිවරයා මඟින් කැඳවු ආදායම් වාර්තා සලකා බලන නමුත් නඩත්තු නඩුවලදී ඒ පිළිබඳව සලකා බලනු නොලැබේ.

 ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව
අංක 129, අලුත්කඩේ වීදිය,
කොළඹ - 12,
ශ්‍රී ලංකාව.
 +94 115 335 329/ +94 115 335 281
 +94 112 433 618
 This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ශ්‍රි ලංකා නීති ආධාර කොමිෂන් සභාව වෙබ් අඩවියට පිවිසෙන්න

FaLang translation system by Faboba

කතුහිමිකම © 2026 අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය.
සියළු හිමිකම් ඇවිරිනි.
නිමැවුම සහ සම්බන්ධීකරණය Procons Infotech.

Sri Lanka 84.1% Sri Lanka
United States of America 12.2% United States of America

Total:

6

Countries
000213
Today: 4
This Week: 38
This Month: 74
This Year: 158

Last Modified:
08 January 2026