දිවුරුම් කොමසාරිස්වරයාගේ කාර්යභාරය
මහජනයා විසින් ඉදිරිපත් කරන දිවුරුම් ප්‍රකාශ / ලේඛන හෝ වෙනත් එවැනි ලියකියවිලි සහතික කිරිමේ බලය දිවුරුම් කොමසාරිස් වෙත පැවරි ඇත.
සුදුසුකම්
ශ්‍රේෂ්ඨාධිකරණයේ දිවුරුම් දුන් නීතිඥයෙකු විය යුතුය.
ඉදිරිපත් කිරීමට අවශ්‍ය ලේඛන
- ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරී විසින් සහතික කරන ලද නීතීඥවරයෙකු වශයෙන් ලියාපදිංචි කිරීමේ සහතිකයේ පිටපතක්
- නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රය
අයදුම්පත්‍ර සඳහා පරිපාටිය
නීතිඥයෙකු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ දිවුරුම් දීමෙන් අනතුරුව පහත පරිදි දිවුරුම් කොමසාරිස් තනතුර සඳහා අයදුම් කල හැකිය
අයදුම් කිරීමේ ක්‍රමවේදය
දිවුරුම් කොමසාරිස් අයදුම්පත්‍ර අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රතිසංස්කරණ අංශයේ විෂයභාර නිලධාරී වෙතින් ද, අමාත්‍යාංශ වෙබ් අඩවිය හරහාද අයදුම්පත්‍රය ලබා ගත හැකිය. එසේම, අයදුම්පත්‍රයක් යොමු කිරීමකින් තොරව පහත දක්වා ඇති දිගුව ඔස්සේ මාර්ගගතව අයදුම් කිරීමේ හැකියාව පවතී. මාර්ගගතව අයදුම් කරන අයදුම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරී විසින් සහතික කරන ලද නීතීඥවරයෙකු වශයෙන් ලියාපදිංචි කිරීමේ සහතිකයේ පිටපතක් මාර්ගගත අයදුම්පත්‍රය හරහා උඩුගත කල යුතුය. එසේ පිටපත උඩුගත කිරීමේ අපහසුතාවයක් පවතී නම් එය සාමාන්‍ය කාර්යාල වේලාවන්හිදී අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රතිසංස්කරණ අංශය (කළුතොට ගොඩනැගිල්ල, ශ්‍රී සංඝරාජ මාවත, කොළඹ 10) වෙත භාරදීමට හෝ තැපෑලෙන් එවීමට හෝ 0112-446226 දරන අංකයට ෆැක්ස් මගින් එවීමට හැකිය
ගෙවිය යුතු ගාස්තු
මේ සඳහා කිසිදු ගාස්තුවක් අය නොකෙරේ.
