Accessibility Tools

moj logo

Open menu

දැක්ම

යහපත් රාජ්‍ය පාලනයක් ඇති කිරිම සඳහා නොයෙකුත් රාජ්‍ය ප්‍රතිපත්තින් නීතිය බවට පරිවර්තනය කරමින් ශ්‍රි ලංකා ජනරජයට සහාය වීම.

මෙහෙවර

රාජ්‍ය ප්‍රතිපත්තින්, නීතිය බවට පරිවර්තනය කිරිමේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව, ඊට අදාළ පනත් සිංහල, දෙමළ සහ ඉංග්‍රිසි භාෂා තුනෙන්ම සම්පාදනය කිරීම.

 

නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව "ඒ" ශ්‍රේණියේ රාජ්‍ය දෙපාර්තමේන්තුවකි. මෙම දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අංක 1933/13, 2015.09.21 දරණ ගැසට් පත්‍රය අනුව අධිකරණ අමාත්‍යංශය භාරයේ පවතී.

නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවෙහි ප්‍රධාන කාර්යභාරය වනුයේ, අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද තීරණ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව, විවිධ විෂයන් පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්තීන් ලිඛිත නීතිය බවට පරිවර්තනය කිරිම ය. එසේ රාජ්‍ය ප්‍රතිපත්තීන් නීතිය බවට පරිවර්තනය කිරිමේ ක්‍රියාවලියේ දී දෙපාර්තමේන්තුව විසින්, නව පනත් කෙටුම්පත් සම්පාදනය කිරිම, පවත්නා නීති සංශෝධනය කිරිමේ පනත් කෙටුම්පත් සම්පාදනය කිරීම සහ අදාළ අමාත්‍යාංශ වලින් ඉදිරිපත් කරන අනුනීති  ප්‍රති‍ශෝධනය කිරිම සිදු කරයි. පනත් කෙටුම්පත් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු තේරිම් කාරක සභා රැස්විම්වලට සහභාගිවීම සහ පනත් කෙටුම්පත් විවාදයට ගැනීමේදි පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධීකරණය පවත්වා ගනිමින් අවශ්‍ය කටයුතු කිරිම දෙපාර්තමේන්තුවට පැවරි ඇති රාජකාරි කටයුතු වේ. මෙම  දෙපාර්තමේන්තුව, සියලු රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ද ඇතුළු සෑම අමාත්‍යාංශයක් හා දෙපාර්තමේන්තුවක් වෙත සේවා සලසයි. පනත් කෙටුම්පත් සහ අනුනීති සැකසීම සම්බන්ධයෙන් නොයෙකුත් අමාත්‍යාංශ හා රාජ්‍ය දෙපාර්තමේන්තුවලට නෛතික උපදෙස් ලබාදිම ද, දෙපාර්තමේන්තුව විසින් ඉටු කරනු ලබන තවත් රාජකාරියකි.

පනත් කෙටුම්පත් සම්පාදනය කිරීමට අදාළව දෙපාර්තමේන්තුවේ කර්තව්‍ය

  • නව නීති පැනවීම සඳහාද පවත්නා නීති සංශෝධනය කිරීම සඳහා ද භාෂාත්‍රයෙන් පනත් කෙටුම්පත් සම්පාදනය කිරීම
  • අනු නීති භාෂාත්‍රයෙන් ප්‍රතිශෝධනය කිරීම සහ (අවශ්‍ය අවස්ථාවල දී) අනු නීති කෙටුම්පත් කිරීම)
  • ව්‍යවස්ථා සම්පාදනය හා සම්බන්ධ පාර්ලිමේන්තු රාජකාරි ඉටු කිරීම
  • පළාත් සභා සඳහා ප්‍රඥප්ති කෙටුම්පත් කිරීම
  • පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත් (සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත්) භාෂාත්‍රයෙන් ප්‍රතිශෝදනය කිරීම

පනත්, උපකාරක නීති, පලාත් සභා ප්‍රඥප්ති සහ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් කිරීමේ දී ඒ සම්බන්ධව අවශ්‍ය වන නෛතික උපදෙස් ලබා දීමද මෙම දෙපාර්තමේන්තුව මගින් සිදු කරනු ලැබේ.

මෙම දෙපාර්තමේන්තුවේ විශේෂ ලක්ෂණය වන්නේ, එයටම සීමා වූ වැඩසටහනක් නොතිබීමයි. අමාත්‍ය මණ්ඩලය විසින් නියමිත ප්‍රතිපත්ති අනුමත කිරීමෙන් පසුව රජයේ  අමාත්‍යාංශවල හා එම අමාත්‍යාංශ යටතේ ඇති දෙපාර්තමේන්තුවල ව්‍යවස්ථා සම්පාදක අවශ්‍යතා මත දෙපාර්තමේන්තුවේ වැඩසටහන සකස්වී තිබීම ඊට හේතුවයි. එබැවින් නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ කාර්යසාධනය, යම් නිශ්චිත වර්ෂයක් මුළුල්ලේ ප්‍රාථමික නීති, නීති සංශෝධන හා උපකාරක නීති සඳහා අදාළ රේඛීය අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරනු ලබන ඉල්ලීම් හා එම ඉල්ලීම් සාර්ථකව නිම කිරීම යන පදනම මත සකස් වී ඇත. දෙපාර්තමේන්තුවේ මූලික කාර්යභාරය වන නීති සම්පාදනයෙහි විෂය පථයට ඇතුළත් වන කවර ආකාරයක හෝ වූ නීති, එය ඉල්ලා සිටින අමාත්‍යාංශයට හෝ දෙපාර්තමේන්තුවට මුදා හැරීමට පෙර භාෂා තුනෙන් ම සම්පූර්ණ කරනු ලැබිය යුතුය.

නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තු වෙබ් අඩවියට පිවිසෙන්න

FaLang translation system by Faboba

කතුහිමිකම © 2026 අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය.
සියළු හිමිකම් ඇවිරිනි.
නිමැවුම සහ සම්බන්ධීකරණය Procons Infotech.

Sri Lanka 44.9% Sri Lanka
China 22.6% China
Singapore 15.4% Singapore
United States of America 7.5% United States of America
United Kingdom of Great Britain and Northern Ireland 2.5% United Kingdom of Great Britain and Northern Ireland

Total:

121

Countries
073218
Today: 1,483
This Week: 5,297
This Month: 25,728
This Year: 73,163

Last Modified:
08 January 2026