Accessibility Tools

moj logo

2026 සිංහල සහ හින්දු අලුත් අවුරුදු උදාවෙන් පසු රාජකාරී ආරම්භය ගරු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (2026.04.20) දින අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණ.

මෙහිදී අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයට අලුත් අවුරුදු  සුභපැතුම් එක් කරමින් ගරු අමාත්‍යතුමා මෙසේ සඳහන් කලේය.

“අලුත් අවුරුද්දේ සියලුම ප්‍රශ්ණ, ගැටළු විසදා ගැනීමට අවස්ථාව ලැබෙයි කියලා ප්‍රාර්ථනා කරනවා. පුද්ගලික ජීවිතයේ අභියෝග තියෙනවා, වෘත්තීය ජීවිතයේත් බොහෝ අභියෝග තියෙනවා කෙසේ වෙතත් අපි සතුටින් ජීවිතය ගත කල යුතුයි. අපි සියළු දෙනා අතින් සුළු සුළු වැරදි වන නමුත් රාජකාරී ජීවිතයේදී කණ්ඩායමක් ලෙස අපි අතින් සිදු වුන සුළු සුළු වැරදි තේරුම් අරගෙන ඒ්වා නිවැරදි කරගනිමින් හිත් රිදීම් පුළුවන් තරම් අවම කරගෙන ඉදිරියට යන ඒක තමයි අපේ සාර්ථකත්වය. මට විශ්වාසයි මේ ගමන අපට යන්න පුළුවන් කියලා.”

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් අයෙෂා ජිනසේන මෙනවිය, අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් ඇතුළු අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට එක්විය.

Img 01 Img 02 Img 03

FaLang translation system by Faboba

Copyright © 2026 Ministry of Justice and National Integration. All Rights Reserved.
Designed & Developed by Procons Infotech.

Sri Lanka 44.9% Sri Lanka
China 22.6% China
Singapore 15.4% Singapore
United States of America 7.5% United States of America
United Kingdom of Great Britain and Northern Ireland 2.5% United Kingdom of Great Britain and Northern Ireland

Total:

121

Countries
073218
Today: 1,483
This Week: 5,297
This Month: 25,728
This Year: 73,163

Last Modified:
08 January 2026